Lyrics
අන්න බලන් ඉඳිකඩ ලඟ
කොක්කු රෑන වගේ ඇවිත්
පුංචි එවුන් නුඹ එනකම් පාර බලන්නේ..
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ...
පුංචි දුවේ නුඹ යනකොට
සුසු පාටින් ඉස්කෝලෙට
පුංචි මගේ අතීතයේ මන් තනිවෙනවා
ලඳු දෙනි බැඳ දෙවට දිගේ
දොළ පාරින් එගොඩ වෙලා
මගේ සිතින් මන් ආයෙත් පාසල් යනවා
එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩන්
අකුරු කෙරුව කාලය නැ ආයෙත් එන්නේ....
මන් නොදුටුව නව ලෝකයේ
කිරුනු පලන් රැජින වෙලා
පුංචි දුවේ නුඹ ඒ ලොව ගොඩනගපන්නේ....
Song Details
- Sinhala Title
- අන්න බලන් ඉඳිකඩ ලඟ
- English Title
- anna balan idikada laga
- Artist
- දීපිකා ප්‍රියදර්ශනී
දප
Artist
දීපිකා ප්‍රියදර්ශනී
View all songs →