Lyrics
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය
ලොවට හොරා විළිලා බිහි කර ගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය
Song Details
- Sinhala Title
- සොඳුරිය කාලය කොතරම් නපුරුද
- English Title
- soduriya kalaya kotharam
- Artist
- අමරසිරි පීරිස්
අප
Artist
අමරසිරි පීරිස්
View all songs →