Lyrics
අතැඟිලි බන්දා මාල හතක් පළඳා
පෙරහැරකින් වැඩි සුදු මැණිකේ
මල් යායක් මගෙ හිත ළඟ පිපුණා
පැලේ පහණ නුඹ නොවෙද මගේ
පැලේ පහණ නුඹ නොවෙද මගේ
කිරි සුවඳට සුර කුමරියො වැඩියද
පුංචි පුතුන් සිහිනෙන් හිනැහෙනවා
ලොව්තුරු සුව මට මිහිපිට මැවුණද
ආදරයේ සැනසීම දැනෙනවා
අතැඟිලි බන්දා ...
දහඩිය හෙලුවට වෙහෙසක් නෑ මට
මගෙ සවියට නිල් දෑස මැවෙනවා
හෙට දවසක් ඇත අරුණලු පිබිදෙන
පුංචි පැලේ සිරිකත බැබලෙනවා
අතැඟිලි බන්දා ...
Song Details
- Sinhala Title
- අතැඟිලි බන්දා මාල හතක් පළඳා
- English Title
- athagili banda
- Artist
- කළිඳු ගම්ලත්
කග
Artist
කළිඳු ගම්ලත්
View all songs →