හෙමින් සැරේ පියා විදා

hemin sare piya wida

Lyrics

හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් මලක් නම් එය මලක් වුව මැන සිනිදු සුකුමල රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉදුවර දියෙන් උපදින හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් නැවුම් වත්සුනු රොනින් මත්වී නීල නිම්නය සුපුෂ්පිත වී සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිඳි යහනේ හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්

Song Details

Sinhala Title
හෙමින් සැරේ පියා විදා
English Title
hemin sare piya wida
ටජ

Artist

ටි.එම්. ජයරත්න

View all songs →