සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ

sihil maruthe pem

Lyrics

සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ ගැලූ මා ඔයේ පෙණ හිනා මල් පිපේ ඔබේ ආදරෙන් සිත ප්‍රමෝදෙන් පිරේ මිණි මිණි පොද ඉහිලා මී අඹ මල් සැලුනා ඔබ එන වග දැනිලා හිත ඉවසුම් නැතුවා යොවුන් ආදර  වසන්තේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ මදාරා සුගන්ධේ දසන්තේ සරන්නේ හද කලඹා යන ඇසිල්ලේ ඔබ කුමක්දෝ මේ කියන්නේ සිත හොරකම් කරන් නෙතු කැන් සැලුනේ ලතෙත් ආදර සමීරේ කොහෙන්දෝ ඔබ ගෙනාවේ උදාවූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නෙ නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ..

Song Details

Sinhala Title
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
English Title
sihil maruthe pem
මප

Artist

මලිත් පෙරේරා

View all songs →