ප්රේමයේ මන්දහාසිනි යෞවනේ සිහිනසාදිනි

premaye mandahasini

Lyrics

ප්‍රේමයේ මන්දහාසිනි යෞවනේ සිහිනසාදිනි නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ පාව යයි සුන්දරයි ජිවිත තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා සඳත් වසන් වෙලා රැයක් මුදුන් කළා පාව යයි සුන්දරයි ජිවිතේ මාලති වනේ රැඳෙම්ද මල් යහන් තලා මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා  පාව යයි සුන්දරයි ජිවිතේ

Song Details

Sinhala Title
ප්රේමයේ මන්දහාසිනි යෞවනේ සිහිනසාදිනි
English Title
premaye mandahasini
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

ප්රේමයේ මන්දහාසිනි යෞවනේ සිහිනසාදිනි (premaye mandahasini) | Tediya Lyrics