ඔබ ඉන්නෙ කොහෙද කියා

oba inne koheda kiya

Lyrics

ඔබ ඉන්නෙ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා... සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහ බඹු මට මැව්ව එයා හමුවෙන තුරු ඉන්නෙ බලා... ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා... ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්..... දුර ඈතද ඉන්නෙ ඔයා මේ ලඟමද ඉන්නෙ බලා මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා... ඔබ ඉන්නෙ කොහෙද කියා මම සොයනව ලෝකෙ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා... ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්...

Song Details

Sinhala Title
ඔබ ඉන්නෙ කොහෙද කියා
English Title
oba inne koheda kiya
දජ

Artist

දුෂාන් ජයතිලක

View all songs →

ඔබ ඉන්නෙ කොහෙද කියා (oba inne koheda kiya) | Tediya Lyrics