Lyrics
කොළඹ ඉදන් දඹූලු ආව ඉලන්දාරියා
අපේ කඩේ බෙලිමල් හරි රසයි කිය කියා
සල්ලි කොලේ මැද ලිපිනය සගවලා තියා
මගේ හිතත් අරගෙන ඔබ කොළඹටම ගියා
කඩේ වැඩත් අවුල්වෙලා ඔයා ගැන සිතා
කටකාරයා සිහිවෙනවා ගෙවන රෑ පුරා
කුළුදුල් පෙම්පත ලියන්න හිතුන රෑ පුරා
මුලපුරන්න අකුරු දෙකක් එවනවද ඔයා
නෙළුම් පතේ බත් වෙිලක් කවන්නට උයා
එනදවසක් දන්වලා මට එවනවද ඔයා
නෙළුම් මලක් පූජා කරලා දඹුළු නෙල පුරා
මම පැතුවා හැමදාමත් ඔබ මගේ කියා
Song Details
- Sinhala Title
- කොළඹ ඉදන් දඹූලු ආව ඉලන්දාරියා
- English Title
- kolamba idan
- Artist
- කවිශ කවිරාජ්
කක
Artist
කවිශ කවිරාජ්
View all songs →