Lyrics
රන් සමනළ ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයිදෝ මේ තනියම යන්නේ
මන් එනතුරු නැද්දෝ ඉන්නේ
මූණ කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු වෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන් සතියක් ගෙවිලා ගියා
අදවත් ඇයි හිනා නොවෙන්නේ
හෙටින් පස්සේ නිවාඩු කාලේ
වෙනදට උදයම මැයි ගහ අද්දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන් ඔයා කිපීලා දුටු පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයේත් නෑ විහිළු කරන්නේ
සෙල්ලම ලෙල්ලම වෙන බව නොදැනයි
මම නම් ළමයෝ මේ වගෙ විහිළු කළේ
ඇයි අශෝමාලා ඔය වාගේ කෝප වීලා
ඉක්මනටම වයසට යයි නේ
නැද්ද ඔයා ඒ බව දන්නේ..
Song Details
- Sinhala Title
- රන් සමනළ ජෝඩුව වාගේ
- English Title
- ran samanala joduwa wage
- Artist
- රන්ජන් රාමනායක
රර
Artist
රන්ජන් රාමනායක
View all songs →