Lyrics
අවන්හලේදී මා ඈ දුටුවේ
පුදුමයි මෙහේ කොහේද ඈ
ගමේදි අගේ කරාපු රෑපේ
නගරෙදි දැක්කේ අදමයි ඈ
ගමේදි කතා දමන්නට බෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ
අදනම් අහනවමයි මං ඈගෙන්
ඔය මට ආදරේද කියලා
වාත්තු කෙරුවා වාගේ රෑපේ
හිතේ ඉඩක් තිබේද වෙන්කරලා
අවන්හලේ වෙන කව්රුත් නෑ
ආයෙත් මේ වාරේ එන්නේ නෑ
නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ
හොරැහින් හොද හැටි වට පිට බලලා
ඕන එකක් වුනාදෙන් කියලා
ටිකෙන් ටික ඈට ලං කෙරුවා
හෙමින් හෙමින් මම ලංකෙරුවා
වෙන කව්දෝ ඈවෙත ගමන් කලා
කව්දෝ මේ පාත් වුන හෙනහුරා
නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ
Song Details
- Sinhala Title
- අවන්හලේදී මා ඈ දුටුවේ
- English Title
- awanhaledi ma aa
- Artist
- M.G ධනුෂ්ක
Mධ
Artist
M.G ධනුෂ්ක
View all songs →