Lyrics
බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා
ඔබෙ ලස්සන පින්තූරෙට උදේ හවා අපි වැන්දා
මේ පුතාගෙ දිව්‍ය ලෝකෙ වෙන කවුරුත් නැති හන්දා
මංගල දවසෙත් ඔබෙ ගුණ සිහි කර කර මං වැන්දා
නැහැ ඔබ අද මගෙ ලස්සන දකින්නට
මගෙ අත ගෙන පෝරුවෙ නග්ගවන්නට
කල කී දේ මා මිනිසෙකු කරන්නට
අප්පච්චියෙ බෑ අමතක කරන්නට
අවසන් මොහොතේදි ඔබ කියු වදන් පෙල
යන්තම් වත් නෑ හිතකින් ඈත් කර
අම්මයි නංගියි ඇස් දෙක වගෙයි මට
කවදාවත් දෙන්නෑ දුක් විදින්නට
Song Details
- Sinhala Title
- බුලත් හුරුල්ලට මැද්දෙන් අප්පච්චිගෙ රුව මැවුණා
- English Title
- bulath hurullata
- Artist
- අජිත් මුතුකුමාරණ
අම
Artist
අජිත් මුතුකුමාරණ
View all songs →