ප්රේමවතී මනම්පේරි තරුණිය

premawathi manamperi

Lyrics

ප්‍රේමවතී මනම්පේරි තරුණිය කතරගමේ විසූ රූප රැජිණිය පතිවත කෙළෙසලා ඇගේ මැරැවෙ තිරිසනෙක් වගේ ඒ සිත් පිත් නොමැති උදවිය එකදාස් නවසිය හැත්තැ එකේ වරැසයේ සිදුවුණු සිද්ධියක් මේඅපෙ ලංකා දීපයේ රැහුණෙ කදිර සුරිදුන් වැඩ විසුව දේශයේ වුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ කතරගමේ රූප රැජිණි මනම්පේරි නම දත් ඇගෙ හැඩට රුවට වශී උනා කාගෙත් නෙත් සිත් නැණවත් තරැණියක් වුඇය පවුලක දුප්පත් ඇය හට සිදුවුනු දේ අමතක වෙනවද කවදත් මනම්පේරි මේ සුන්දර රූප රාජිණී ඇයව සොයා හදිසියේ ජීප් එකක් පැමිණුනී කිසිවක් කර කියා ගන්ට ඇයට බැරිවුණී ඒ නිළධාරින් ඈ කැදවන් යන්න සැරසුනී මේ ලෙස මාගෙන යන්නට කළ වරද කුමක්ද ඒයි මනම්පේරි කතා නැතුව එනවද නැද්ද අකමැත්තෙන් වුව ඇයට යන්න වුනානෙ සිද්ධ ඔය පාළු කුටියකට ඇය කැදවන් ගියෙ මන්ද එම පාළු කුටිය තුළ තරුණිව හිර කරලා කැදවන් ගිය සෑම දෙනා එතන රොක් වෙලා විළි වසා සිටිය වස්තරෙ ගලවන්ට අණ කළා විළිලැජ්ජාවෙන් වැළපුණි ඇය කදුළු සල සලා ඇයව වැදූ මවයි කුඩා සොහෝයුරියන් සිහිවිය සුකුමල මුව කමල කදුලැලින් තෙත් විය මට යන්න දෙන්න හෙළි නොකරමි කළ විපැත්තිය ඇගෙ ඉල්ලීමට කන් දුන්නද මුරැග කට්ටිය දණ ගස්වා නිර්වස්තරව ඇදන් යන විට වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුණා ඇගෙ වමේ කළවට පිට පිට වෙඩි උණ්ඩ නිකුත් උනා හනිකට හැම උණ්ඩයක්ම සිරැර පුර ගියා විණිවිද ඈ ඇදන් වැටුණා ලේ ගලමින් ඇගෙ මුළු සිරුරෙන් කළින් කපා තිබුණු වලක් තුළට හිටි ගමන් වල වසා දමන්නට එතනට පැමිණුන ඇලඩින් හිතුවය මෙලෙසටයි පැවසුවෙහිකි හිතමින් අවසාන මොහොචතෙ උදවුවක් කරන්න පා දයා ඔබට බුදු බව අත්වේවි අනෙ ඇලඩින් අයියා මේ කරාබු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා ඇයට පවසන්න ජීවතුන් අතර මෙමන් නැත කියා එපමණයි ලැබුණෙ ඇයට ඔහු හට පවසන්න තවත් කෙනෙක් මාන බලා ආවා එතනට අන්තීම වෙඩිල්ලත් තැබුවනෙ ඇගේ සිරුරට අවසන් හුස්ම හෙලා නෙත් පිය ගත්ත සදහට

Song Details

Sinhala Title
ප්රේමවතී මනම්පේරි තරුණිය
English Title
premawathi manamperi
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →

ප්රේමවතී මනම්පේරි තරුණිය (premawathi manamperi) | Tediya Lyrics