රෑ අහසේ තරු ගානට

raa ahase tharuketa

Lyrics

රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද ඉඟ නෙරියේ රැළි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොළට හාදු දීපු මගෙ ආදරෙ මදි උනාද නුඹෙ උකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගෙ ආදරෙ මදි උනාද // මගෙ හිස නුඹ අත තියාන මං දිවුරා නුඹ කියාපු ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

Song Details

Sinhala Title
රෑ අහසේ තරු ගානට
English Title
raa ahase tharuketa

Artist

සෙන්ටිග්‍රේඩ්ස්

View all songs →

රෑ අහසේ තරු ගානට (raa ahase tharuketa) | Tediya Lyrics