පෙනුන සුබ දසුන් දස අත මිලින වී ගියා

penna suba dasun

Lyrics

පෙනුන සුබ දසුන් දස අත මිලින වී ගියා දකිනු රිසි නොවී සිතකට දෙවනවද ඔයා යහන මත වඩී හිරු දෙවි දෙඇස පිය පියා ඔබ තාම නිසා නෑ දයාවියේ මට ආදරෙයි කියා සෙල්ලම් ගෙවල් තනාගෙන වැලිබත්  උයාකවා වල් කොල කොටා දියේ මුසුකර තේ හදා පොවා සැලකු ලමා වියේ සැලකිලි නොමැත මගහැරි මට ආදරෙයි කියන්නකො අගෙන් අමාපිරි ඇන්ද රතුවලා සිතුවම් අකුලුවා තියා තිදරු පෙම සැදෑ අදුරට ඉඩතබා ගියා සීත සද නැගෙයි පෙරබර කවුලු දොර අයා ඔබ තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා හමුවිනි අනන්ත මල් දුර ගොත් සුවද නොතැවරි ලියලයි හදේ පැතුම් වැල ඔබ දෙසම හැරි හැරී පාලුව ලැගුම් ගනි හද තුල පතුල එරි එරී මට ආදරෙයි කියන්නකො අගෙන් අමාපිරි

Song Details

Sinhala Title
පෙනුන සුබ දසුන් දස අත මිලින වී ගියා
English Title
penna suba dasun
හක

Artist

හෙන්රි කල්දේරා

View all songs →