Lyrics
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධි
සණරාමර ගුරැ ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
සණරාමර ගුරැ ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරැණා සීතල මෙත් ධාරා
ගලා බසියි තුන් ලෝ තලයේ දුක්
ගිමන් නිවා අම සෙත සාදා
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ
බුදුරැස් කැටි වී නැගි ආලෝකේ
පිසයයි දුකඳුර මුළු තුන් ලෝකේ
පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහො දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
Song Details
- Sinhala Title
- පාරමිතා බල පූජිත පූජිත
- English Title
- paramitha bala poojitha
- Artist
- ඩබ්. ඩී. අමරදේව
ඩඩ
Artist
ඩබ්. ඩී. අමරදේව
View all songs →