Lyrics
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා
ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...
දකින විට පන්සලක්....
වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...
දකින විට පන්සලක්...
Song Details
- Sinhala Title
- දකින විට පන්සලක් පිළිමයක්
- English Title
- dakina wita pansalak pilimayak
- Artist
- Malani Bulathsinhala
MB
Artist
Malani Bulathsinhala
View all songs →