කප්පරක් ගෑනු

kapparak genu

Lyrics

කප්ප රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක් කොයි ඉස­ව්ව­කින් ආවද මේක හීන­යක් කන්ක­ර­ච්ච­ලෙන් බේරිලා ඉන්න තව ටිකක් - දෙයි­යනේ නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්... රන් කඳක් වගේ ඒකිගේ මුහුණ රත්ත­රන් දෙන­ත­කත් අගෙයි හරි­යට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යන­කොට තම්දෙ­නත් තනම්-රෙග­තන් තට්ට­මින් කියයි මේකිගේ ගාය කොයි­ත­රම්... තුන්පොෙළ් අඩව් අල්ලන නොංචිගේ කටේ සව්ද­මෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ මේ වගේ පින් කඳක් ළඟින් මට ඇල වෙන්න නෑ පිනක්-අම්මපා නොංචිලා දහක් පර­දන මේක රන් කඳක්... එක දෙකක් වුණේ මෙන්න මේ අවු­සදේ බලෙන් දෙක වුණත් ඉතිං හත­රක් වෙන්නේ මේව­යින් තුන් පැයක් වදෙන් බේරිලා නොංචි කෝල­මෙන්-ඇත්ත­මයි මං වුණත් ඉන්නේ මේ අවු­සදේ බලෙන්... නොංචිගේ කටින් කව­දත් ඇහුවේ නෑ හොඳක් ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවි­ල­යක්-උන්දැගේ මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොං­චි­යක්... පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි වළ­ඳනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපෙන් මේ පනි­ක්ක­ලෙත් ඕවට රුංද ගති ගතං-ඒ වුණත් නොංචිගේ කනේ වැටු­ණොත් කම්මු­තුයි මමත්... තුන් හිතෙන් හිතුවේ නෑ මං මේ වගේ දෙයක් බීම­තින් යමක් කිව්වද මට සමා­වෙ­යන් කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතින් මගෙ නොංචි රන් කඳේ// අපි දැන් ගෙදර යන්න යං...