Lyrics
සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදු
මවකගෙ උණුසුම ලබමින් තුරුලෙ වෙසෙන පුතු
අනාගතය දෙස එබිකම් කරල බලන පුතු
ඔබෙ දෑතට මසුරන් වැහි වහිනවාලු පුතු
සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදු
සිතට සිතයි එක මනසයි ලබා උපන් පුතු
රන් කිරි කට ගෑ දවසෙදි හිනා උනා පුතු
තුන්ලෝකෙම එකම පුතා ඔබයැයි මට සිතු
සිහල රටෙ සිහල බිමේ රජ කරපන් පුතු
පෙර කාලෙක බුදු වරයෙක් පහල වීය පුතු
ඒ දෙසු ධර්මය තවමත් පවතිනවා පුතු
එයයි ඔබේ ආගම රැක ගන්නට දිනු පුතු
ජාතිය නොමගට යා නොදි රැකගන් මා පුතු
Song Details
- Sinhala Title
- සඳ කිරණින් පහස ලබා පුබුදින කුමුදු
- English Title
- sada kiranin pahasa
- Artist
- සංගීත් වික්‍රමසිංහ
සව
Artist
සංගීත් වික්‍රමසිංහ
View all songs →