Lyrics
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ
සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනහා මෝදු කර
කඳුළින් ඉපැදුණු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමු වෙමු හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ
සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ලහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙණයනට කියන්නට
දවසක හමු වෙමු හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමු වෙමු හමු වී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
තනුව - එච්.එම්. ජයවර්ධන
Song Details
- Sinhala Title
- කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
- English Title
- kauruth ennathi kawruth ennathi kawuruth
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →