පුංචි දෝණි තරහා වෙලා

punchi doni tharaha wela

Lyrics

පුංචි දෝණි තරහා වෙලා පුංචි දෑසේ කදුලු සලා රනින් මාල ගේනවා කියා තාත්තා දුව රවටලා..// ගල් ලෑලි ගල් කූරු නෑනේ-දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ සුදු ගවුම ඉරිලා ගියාදෝ-යාලුවෝ ඈට ඔච්චම් කලා දෝ ඉවසන්න මා පුංචි දෝණි නුඹ හින්දානේ මා දුක් විදින්නේ පුංචි දොණි තරහා වෙලා.... ලොතරැයිය තව කවුද ගන්නේ -ලක්ෂයේ දිනුම මටනේ ඇදෙන්නේ නුඹ මාලිගාවේ තබන්නේ - එය දැක ගන්න මට පින් ලැබේ දෝ ඉටුවේවි දුක් පැතුම මාගේ සාප නොකරන්න තාත්තාට දූගේ පුංචි දෝණි තරහා වෙල.....

Song Details

Sinhala Title
පුංචි දෝණි තරහා වෙලා
English Title
punchi doni tharaha wela

Artist

එච්.ආර්.ජෝතිපාල

View all songs →