සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන

siyak ayu laba

🎤 T.M JayarathnaSinhala lyrics

Lyrics

සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා... මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළද විශාකාව වේවා.........// මහා පොළවසේ - නිහඩ නිසංසල ඔබේ දයාබර - හදින් ගලා එන ආදර ගීතය - ලොව සනහාලන බුදු බණ පදයක් වේවා.... සියක් ආයු ලැබ - මගෙන් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා... මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළද විශාකාව වේවා...... ගතේ ළහිරු ලේ - කිරි පෙව් සෙනෙහස සුවද ගලා ගිය - ඔබෙ මව් හදවත නිවන් පුරට යන - මංපෙත හෙළිකල පහන් ටැඹක් වේවා.... සියක් ආයු ලැබ - මගෙන් ආයු ගෙන මටත් වඩා කල් - ඔබ ජීවත් වේවා... මෙතේ බුදුන් කල - ලොවේ උතුම් ළද විශාකාව වේවා.....//

Song Details

Sinhala Title
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
English Title
siyak ayu laba
TJ

Artist

T.M Jayarathna

View all songs →