සුසුමක දැවටිලා කඳුලින් බොඳ වෙලා
susumaka dawatila kandulin
🎤 රවීන්ද්‍රා ලක්ශානි හා සංඛ දිනෙත්Sinhala lyrics
Lyrics
සුසුමක දැවටිලා කඳුලින් බොඳ වෙලා
මතකේ....ඔබෙ ආදරය තිබුණා..
තරුවක් ඉකිගසා හැඬුවා රෑ පුරා
රහසේ පැතු ආදරය සැමදා..
සංසාර සිහිනයක මා..
සිත සරතැස නිවා මදහස දැල්වුණා
දැනුණා....ඔබෙ ආදරය දැනුණා
හැම හුස්මක පවා..
සීත ඍතුවේ මල් හීන වෑහුනේ
සඳ සිසිල අපටම නිසා
ආදරේට පාට ගේන මා සිදංගනා
හිනැහෙන්න දෙනුවන් අයා
උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ
ඔබෙ නමටමයි හිමි ප්‍රියේ..
මට දෙන්න මියුලැසියේ ඒ ආදරේ..
විකසිත වෙන්න මුළු ජීවිතේ....
ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ
සුහදනිය ඔබ ළඟ නිසා..
පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා
කොඳුරන්න මට ළං වෙලා..
ඔබ ඉන්න සඳවතියේ නොනිඳා හදේ
සිහිලැල් හැඟුම් සයනයේ..
විඳගන්න ඉඩ දෙන්න ඒ ආදරේ
පැතු සේම සංසාරයේ....
සිත සරතැස නිවා මදහස දැල්වුණා
පායා....සඳ අහසේම දිලුණා..
ගනඳුර සේදුණා තරු මිණි දැල්වුණා
දැනුණා ඔබෙ ආදරය දැනුණා...
හැම හුස්මක පවා..............
Song Details
- Sinhala Title
- සුසුමක දැවටිලා කඳුලින් බොඳ වෙලා
- English Title
- susumaka dawatila kandulin
රල
Artist
රවීන්ද්‍රා ලක්ශානි හා සංඛ දිනෙත්
View all songs →