මධු චන්ද්රයාමේ මෝදුවේ

madhu chandrayame

Lyrics

මධු චන්ද්‍රයාමේ මෝදුවේ උන්මාදනිය රාත්‍රියේ..... අනංග දෙවොලේ දල්වා දීපාවලී මධු චන්ද්‍රයා මේ මෝදු වේ.... මධු චන්ද්‍රයා මේ මෝදු වේ.... වරල සිකිපිල් සෙමෙර සලමින් නයන නිලුපුල් සුවඳ ඉසිමින් උර මඩල සියපත් වෙතින් නිති සරසා ප්‍රියයාණ හදවත තුනු සිරින් සදනු දෙතොල මීවිත අමා පුදමින් දෙතන කළසින් පවස නිවමින් සිරියහන සුපහස තනා පුළුලුකුළේ පතිකුලය සුමිහිර සදා රැක වසනු මධු චන්ද්‍රයාමේ මෝදුවේ උන්මාදනිය රාත්‍රියේ..... අනංග දෙවොලේ දල්වා දීපාවලී මධු චන්ද්‍රයා මේ මෝදු වේ.... මධු චන්ද්‍රයා මේ මෝදු වේ....

Song Details

Sinhala Title
මධු චන්ද්රයාමේ මෝදුවේ
English Title
madhu chandrayame
කක

Artist

කසුන් කල්හාර

View all songs →

මධු චන්ද්රයාමේ මෝදුවේ (madhu chandrayame) | Tediya Lyrics