Lyrics
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
දෙයි මාන බලා කරුමේ පහරා
මේ ජීවිතයේ කෝ ස්ථිරතා
පිණි බිංදු වගේ බිඳි යාවි සැණේ
මේ නිසරු භවේ අපි ආලෙ කළා ...//
කරුමේ කළේ මේ කිමදෝ අනේ
අහො කරුමේ කළේ මේ කිමදෝ අනේ
මේ මාව දමාලා යන්නෙ කොහේ
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
ගිණි දැල්ල නගින්නා සොහොන පුරා //
දුම් කන්ද නගී ආකාසෙ කරා
ගිණි දැල්ලෙ ආකාරේ මා හර්දෙ පලා
පව්කාර භවේ පව් ඵලදී අහෝ
පව්කාර භවේ පව් ඵලදී අහෝ
මේ ජීවිතයේ කෝ ස්ථිරතා
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
සංසාර දුකින් මිරිකීම තමා
මේ ලෝකේ සොබා දහමේ නියමා ...//
මරණේට ආදා යා යුතුයි, ඔහු
මරණේට ආදා යා යුතුයි
මේ ජීවිතයේ කෝ ස්ථිරතා
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිසි පාර සොයා ආගන්තුකයා
ලෝ අම්බලමේ ....
Song Details
- Sinhala Title
- ලෝ අම්බලමේ ඉඳලා යනවා
- English Title
- lo ambalame idala yanawa
- Artist
- පී.ජී. ක්‍රිෂ්ණවේනි
පක
Artist
පී.ජී. ක්‍රිෂ්ණවේනි
View all songs →