බොඳ මීදුම් කඳු රැල්ලේ

bonda midum kandu

Lyrics

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ ඔබේ සිනා කඳුළු බිඳත් හෙටත් වාසනා හෙටත් වාසනාවන් සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ ඔබේ නිමල නිද්රා ගී මටත් වාසනා මටත් වාසනාවන් සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා මල් වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන් රෑ සියන්නෙ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත අපට ඇරුණු හුදකලාව මටත් වාසනා හෙටත් වාසනාවන් සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ ඔබේ නිමල නිද්රා ගී මටත් වාසනා මටත් වාසනාවන් මාල හතක් පලදන්නට හීන හතක් එළි වන්නට දොළොස්මහේ පහන් නිවී මටත් වාසනා හෙටත් වාසනාවන් අනාගතය කිරුළු දරා දෙපාමුලට වඩින තුරා ළවන් පොඟන මියුරු තෙපුල් මටත් වාසනා හෙටත් වාසනාවන් මටත් වාසනා හෙටත් වාසනාවන් මටත් වාසනා හෙටත් වාසනාවන්
බොඳ මීදුම් කඳු රැල්ලේ (bonda midum kandu) | Tediya Lyrics