ඔබ මගෙන් සමු අරන්

oba magen samu aran

Lyrics

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ  වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා ඉකිගසා හඩන ඇස් අතරින් දුක මගේ රූරලා ඉවසුව සරදම් විදවනු බෑ දැන් ජීවිතේ පෑරිලා ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නෑ මම නම් අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා විදවනා තරම දන්නවා නම් දුර රැදෙන්නෑ ඔයා අදහනු බෑ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා කවදාද එන්නේ නැවත ඔයා දැකගන්න ඉන්නේ තවම බලා ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙකුගේ උනත් තරහ නෑ මං ආදරේ තරම දැනුන නම් යන්නෙ නෑ වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා

Song Details

Sinhala Title
ඔබ මගෙන් සමු අරන්
English Title
oba magen samu aran
ශන

Artist

ශශිකා නිසංසලා

View all songs →

ඔබ මගෙන් සමු අරන් (oba magen samu aran) | Tediya Lyrics