Lyrics
හමනා සුළඟ ගේනා ස්වරේ
මුමුනා ගලනා දිය සීරාවේ
බිලිදු නැලවු ස්වරේ
මවනා මියුරුතම සංගීතේ
පපුවේ ගැස්මේ ඇඳ මාත්රාව අපගේ
තරැ සේම සැමදා එක පොකුරේ
ජීවිතයේ ගීතය ගයනා
කාලය මේ තාලය සොයනා
ආකාසේ තරු උදයට නිවෙනා
මේ වාගේ තරු අහසට නොයනා
මොකටද හිත් පාගා කඳු මුදුනට නැගලා
සෙනෙහස් පාරේ යනදා සතුටේ සුව දැනෙනා
වැටුනම අත දීලා දුක අහාගෙන හිඳිනා
මනුදම් දොරේ ගලනා පැවසේ අපි දිනනා
මේ රැනේ එක් හීනේ සංගීතේ
එක අම්මාගේ අත් දැලේ උන්නාසේ
පපුවේ ගැස්මේ ඇඳ මාත්රාව අපගේ
තරු සේම සැමදා එක පොකුරේ
ජීවිතයේ ගීතය ගයනා
කාලය මේ තාලය සොයනා
ආකාසේ තරු උදයට නිවෙනා
මේ වාගේ තරු අහසට නොයනා.......
Song Details
- Sinhala Title
- හමනා සුළඟ ගේනා ස්වරේ
- English Title
- hamana sulaga gena
- Artist
- ලවන් අභිෂේක්
ලඅ
Artist
ලවන් අභිෂේක්
View all songs →