නෙතු පියන්න එක මොහොතක්

nethu piyanna eka

Lyrics

නෙතු පියන්න එක මොහොතක් තරු එළිය නිවා බලා ඉන්න ආසයි ඔය පුරා හඳ දිහා වෙන්ව යන්න මත්තෙන් ඔය දෙතොල මුමුණලා හිත හැදෙන්න මට කියන්න ආදරෙයි කියා තව සැරයක් මට කියන්න ආදරෙයි කියා වෙන් නොවන්න කවදාවත් පණ තියෙන තුරා පොරොන්දු වූවා මතකද හිසට අත තියා හොරෙන් හාදු තිලක තියා නළල සරසලා හිනා උනා මතකද අපි කදුළු එන තුරා...// නෙතු පියන්න... රෝස දෙතොල් සුදුමැළි වී තෙපුල් පැටලුනා ගලාන ආ කදුළු බිංදු ළය මත මිදුනා අදහ ගන්න බැරි තරමේ හීනයක් උනා රත්තරනේ ඔයා මගෙන් වෙන් වෙලා ගියා....// නෙතු පියන්න.....

Song Details

Sinhala Title
නෙතු පියන්න එක මොහොතක්
English Title
nethu piyanna eka
කක

Artist

කවීෂ කවිරාජ්

View all songs →

නෙතු පියන්න එක මොහොතක් (nethu piyanna eka) | Tediya Lyrics