අලි නැව් එන කොලඹ නගරෙ කොඩිගහ යට

ali naw ena

Lyrics

අලි නැව් එන කොලඹ නගරෙ කොඩිගහ යට ඉපදුනෙ මම කොඩි ගහ යට ඉපදුනෙ ඉන්ගිරීසියෙන් කතාව ටැක්සියෙනුයි ගමනයි මේ ටැක්සියෙනුයි ගමන මේ යල මහ දෙක ජයට වැවෙන ගමේ උපන් කොල්ලෙකි මං ගමේ උපන් කොල්ලෙකි බුලත් කන්නෙ පයින් යන්නෙ සින්හල විතරයි දැනෙ මට සින්හල විතරයි දැනේ මට හැදිගෑරුප්පු ඕනේ පාන් බතල බත් කෑවත් පාන් බතල බත් කෑවත් සීත කෙරුව කාමර මිස නින්ද නොයයි කවදාවත් නින්ද නොයයි කවදාවත් සුර ලෝකයෙ සුරගනාව  මනු ලොව මුන ගැහෙනවා මට මනු ලොව මුන ගැහෙනවා මං හවසට හුලං හමන ගෝල්පේස් එකට යනවා ගෝල්පේස් එකට යනවා උදේ හීල් බතුයි දවල් කන්නෙ  හෙරලි අල බතලයි කන්නෙ හෙරලි අල බතලයි අත් දෙක උඩ ඔලුව තියන් නිදන්නෙ මැස්සට නැගලයි නිදන්නෙ මැස්සට නැගලයි පං උදුරන ටිකිරිමලී  අපේ ගමට සුරමිනී ඈ අපේ ගමට සුරමිනී ගම්බද මන් වගේ අයට දිව්‍යලෝකේ වෙල් එලියයි දිව්‍යලෝකේ වෙල් එලියයි එහෙන් කාර් මෙහෙන් කාර් ලොකු බිල්ඩින් තට්ටු තට්ටු ලොකු බිල්ඩින් තට්ටු තට්ටු කොලොම්පුරේ අහලටවත් ගම්බද කර නොහද කිට්ටු ගම්බද කර නොහද කිට්ටු අනේ එපා කොලඹ තාලෙ පුරුදු වෙන්න කිසිකාලෙක පුරුදු වෙන්න කිසිකාලෙක ගොවියෙක් වී මලත් සැපයි කරල් පැහුනු වෙල් යායක කරල් පැහුනු වෙල් යායක අලි නැව් එන...... යලමහ දෙක ජයට....

Song Details

Sinhala Title
අලි නැව් එන කොලඹ නගරෙ කොඩිගහ යට
English Title
ali naw ena
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →