Lyrics
මිදුලේ අතන නංගෝ
කවුද හැංගි ඉන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තන්
දන්නේ නැද්දෝ අයියා මගේ
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මම එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි
දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන් අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු
ගවුමේ දූලි ගෑවී කිලිටි වීලා
අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී...///
Song Details
- Sinhala Title
- මිදුලේ අතන නංගෝ
- English Title
- midule athana nango
රග
Artist
රූකාන්ත ගුණතිලක, නීලා වික්රමසිංහ
View all songs →