සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා

sewandari horahin

Lyrics

සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇතිරූ පොළවේ ගැසුවා සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා සංගීත සන්ධ්‍යාව සේ රස පිරුනා තනියෙන් මුමුණා තනියෙන් අමුණා (නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරුනා)...// සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සැවැන්දරා සුවඳින් වධ විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා නිරන්තරේ සියොළඟ පිරිමදිනා කතන්දරේකට නුඹ මුලපිරුවා සිහිනෙන්ද සංවාද රහසින් විසඳා සංගීත සන්ධ්‍යාව සේ රස සසඳා තනියෙන් හිනැහී තනියෙන් හඬලා (නුඹ ගැන හිතලා නුඹටම ගයලා සසරේ දුක මඟහැරුනා)...// සැවැන්දරා සුවඳින් වධ විඳිනා අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුනා සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා විල්ලුද ඇතිරූ පොළවේ ගැසුවා සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා සංගීත සන්ධ්‍යාව සේ රස පිරුනා තනියෙන් මුමුණා තනියෙන් අමුණා (නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා සසරේ දුක මඟහැරුනා)...// සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා අවංක මං එතනම ගල් ගැසුනා

Song Details

Sinhala Title
සැවැන්දරී හොරැහින් අඬ ගැසුවා
English Title
sewandari horahin
සව

Artist

සංගීත් විජේසූරිය

View all songs →