Lyrics
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..
රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ..
මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා..
මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා..
Song Details
- Sinhala Title
- හිම රේණු වැටෙනා සීතලේ
- English Title
- hima renu watena
- Artist
- ග්‍රේෂන් ආනන්ද
ගආ
Artist
ග්‍රේෂන් ආනන්ද
View all songs →