මධුර යාමේ සුවඳේ සාමේ

madura yame suwade

Lyrics

මධුර යාමේ සුවඳේ සාමේ සිනහ වීලා එන්න රෑ මේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ තරු සිනා සේ දෙනෙත පොපියයි// මසිත පිබිදී සතුට රජවෙයි ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සුසුදු හංසයො විලෙහි සරතී රසය ඇති තැන් කොහෙද සොයති// දෑත විහිදා එන්න අඳුරේ උන්ව අල්ලා ගන්න මිහිරේ අතට අක දී හිතට හිත දී// රැල්ල විලසේ එන්න පෙරලී ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ සීත සුවඳේ හමන පවනේ රෝස සුවඳයි ඔබගෙ සෙවණේ// අඳුන් දෙනුවන රස ගෙනාවේ සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ ඈත සඳ ඒ බලනවානේ// ඉන්න හොඳ නෑ යන්න ඕනේ ප්‍රේම නදියේ පිහින පීනා එන්න රෑ මේ හෝ

Song Details

Sinhala Title
මධුර යාමේ සුවඳේ සාමේ
English Title
madura yame suwade
කඅ

Artist

කරුණාරත්න අබේසේකර

View all songs →

මධුර යාමේ සුවඳේ සාමේ (madura yame suwade) | Tediya Lyrics