Lyrics
නෙතු පියන් පාරලා
කදුලු යයි ඉහිරිලා
හෙට දිනේ ඔබ අන්සතු වෙලා
යන්න හිතුවාද මා රිදවලා...//
තනි යහනේ මම ඉකිබින්දේ
පින්තූරේ පපුවට තියා
උනු කදුලේ ඇස් පිය වෙන්නේ
ඔබ ගාව මගෙ පන තියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා....
නෙතු පියන් පාරලා...
ලය මඩලේ උනුසුම ගැබුරේ
අපෙ මතක නොමියයි සදා
ඔය තුරුලේ මම නිදි මැරුවේ
නිල් දෑස හුරතල් කියා
හෙට කාගේ හෝ මනාලි වී
යනවාද මා හඩාවී සදා....
නෙතු පියන් පාරලා...//
Song Details
- Sinhala Title
- නෙතු පියන් පාරලා
- English Title
- nethu piyan parala
- Artist
- ජූඩ් රොගන්ස්
ජර
Artist
ජූඩ් රොගන්ස්
View all songs →