Lyrics
අමාවකට අත වනනා පිච්ච මලී
ලමැද නුබේ කිරි පුසුබෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච පතට පැණි ඉහුනද සංකාවේ....//
ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුබෙ ලොවට
වරද මගෙන් සගවාදෙනු ලෝකයට
අමාවකට අත වනනා පිච්ච මලී....
අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගෙ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට
අමාවකට අත වනනා පිච්චමලී....
Song Details
- Sinhala Title
- අමාවකට අත වනනා පිච්ච මලී
- English Title
- amawakata atha wanana
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →