කවුරුවත් නෑ එගොඩට යන්නට

kauruwath na egodata - kawruwath

Lyrics

කවුරුවත් නෑ කවුරුවත් නෑ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ කවුරුවත් නෑ කවුරුවත් නෑ..... දවසින් දවසම පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුනා කිරල කැළැවේ කුරුලු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්..... කවුරුවත් නෑ කවුරුවත් නෑ එගොඩට යන්නට එගොඩට යන්නට.... දෑතේ ඇතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුනා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගේ.... කවුරුවත් නෑ කවුරුවත් නෑ එගොඩට යන්නට එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ළන්තෑරුම කෝ ඔහෙ තිබුනාවේ කවුරුවත් නෑ කවුරුවත් නෑ....

Song Details

Sinhala Title
කවුරුවත් නෑ එගොඩට යන්නට
English Title
kauruwath na egodata - kawruwath
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →