කීන දම් මිටක් කඩන් ආවා

kina dam mitak

Lyrics

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ

Song Details

Sinhala Title
කීන දම් මිටක් කඩන් ආවා
English Title
kina dam mitak
මම

Artist

මිල්ටන් මල්ලවආරච්චි

View all songs →