මලට සුවඳ සේ යොවුන් ජීවිතේ

malata suwada se

Lyrics

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමූ අපි නැවුම් ආදරේ // හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී // ඔබ සොයා ඒ මා සොයා ඒ සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී මලට සුවඳ සේ..../ නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී // සඳ ලතාවේ හිරු සිනාවේ නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී මලට සුවඳ සේ..../

Song Details

Sinhala Title
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
English Title
malata suwada se
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →