සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන

siyak ayu laba

Lyrics

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවන් වේවා මෙතේ බුදුන් කළ ලොවේ උතුම් ළඳ විශාකාව වේවා ... මහ පොළව සේ නිහඩ නිසංසල ඔබේ දයාබර හදින් ගලා එන ආදර ගීතය ලොව සනහාලන බුදු බණ පදයක් වේවා ... සියක් ආයු ලැබ ... ගතේ රුහිරු ලේ කිරිපෙව් සෙනෙහස සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත නිවන්පුරයට යන මංපෙත හෙලිකළ පහන් ටැඹක් වේවා ... සියක් ආයු ලැබ ...

Song Details

Sinhala Title
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
English Title
siyak ayu laba
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන (siyak ayu laba) | Tediya Lyrics