ඇවිදන් ඇවිදන් යනවා

Avidan Yanawa

Lyrics

ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් උහුලන් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් දැන දැනමයි ලිව්වේ නුඹ නැති මගෙ ලෝකේ මේ හිස් අවකාශේ නෑසේවි මේ ගීතේ නුඹ වෙනුවෙන් ලිව්වේ නුඹගෙන් සගවන්නේ මා සරලව ලීවේ සිඟිතිය මනසට කවිපද බර වේ ආලය හොයාන අපි කෑ කාලය ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ මා හොයනවා සොඳුරිය මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය අයිතිය නැති තැන ආදරේ එලෙසම ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම් Like a vacuum in my soul, Baby how you could be gone ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි නුඹ ඇවිදින් මතකය අවුලන සයිබර් අවකාශෙක සොහොනයි දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසි එක ආදරේ විපතයි නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ එදා ඇබ්බැහියක් වුණු පෙමක් අද මගේ මතකේ ශේෂයේ නොමැරුනා හදවතක් ඉවසුවා ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට ඇවිදන් ඇවිදන් යනවා මම ඇවිදන් යනවා මතකෙන් ඈතට හංගන් හංගන් යනවා මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම් උහුලන් නෙතු අග කඳුලේ නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම් මා සිපගත් නුඹේ දෙතොලේ මගෙ නම නොතියෙන දවසක් එනකම්

Song Details

Sinhala Title
ඇවිදන් ඇවිදන් යනවා
English Title
Avidan Yanawa
යස

Artist

යොහානි සිල්වා

View all songs →