Lyrics
විරාග රාගය අතරේ තනි වු ආලය
විරාම දෙයි එක් හදකට උදා පරාජය
විරාග රාගය අතරේ තනි වු ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය.......
ඔබ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා
කරගනු ඈ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබේ මුණිවර මනසින් පෙම්කළ දා
ඈ අසරණ වූවා .......
විරාග රාගය අතරේ.......
නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා.......
විරාග රාගය අතරේ......
Song Details
- Sinhala Title
- විරාග රාගය අතරේ තනි වු ආලය
- English Title
- wiraga ragaya athare
අප
Artist
අමල් පෙරේරා , අමරසිරි පීරිස්
View all songs →