Lyrics
කිසිදාක ආයේ ඔබ හමු නොවේවා
යන මඟකවත් මට සදා
හොඳ කෙනෙකු ආයේ ඔබහට ලැබේවා
මගෙ පැතුම එයමයි සදා
මතුදාක ආයේ ඔබ දුක් නොවේවා
යළි මාව සිහිපත් වෙලා
මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා
මගෙ පැතුම එයමයි සදා
ලොව වෙන කෙනෙක් නැහැ මං වගේ
පෙම් කෙරුවෙ නම් කිසි දිනේ
දුප්පත් නිසයි මාව ඔබ ළඳේ
හැර යන්න හේතුව වුනේ
කිසිදාක ආයේ ඔබ හමු නොවේවා
යන මඟකවත් මට සදා
හොඳ කෙනෙකු ආයේ ඔබහට ලැබේවා
මගෙ පැතුම එයමයි සදා
මතුදාක ආයේ ඔබ දුක් නොවේවා
යළි මාව සිහිපත් වෙලා
මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා
මගෙ පැතුම එයමයි සදා
නැහැ වෛර මං අද ඔබ කෙරේ
මෙය මාගෙ නම් උරුමයයි
ජීවත් වුනත් තව මං ලොවේ
මිය ගිය කෙනෙක් වාගේමයි
කිසිදාක ආයේ ඔබ හමු නොවේවා
යන මඟකවත් මට සදා
හොඳ කෙනෙකු ආයේ ඔබහට ලැබේවා
මගෙ පැතුම එයමයි සදා
මතුදාක ආයේ ඔබ දුක් නොවේවා
යළි මාව සිහිපත් වෙලා
මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා
මගෙ පැතුම එයමයි සදා
Song Details
- Sinhala Title
- කිසිදාක ආයේ ඔබ හමු නොවේවා
- English Title
- kisidaka aye oba hamu
- Artist
- සීජිත් අකුරැස්සගෙ
සඅ
Artist
සීජිත් අකුරැස්සගෙ
View all songs →