මූදු පතුල යට ඉදලා

muudu pathula yata

Lyrics

මූදු පතුල යට ඉදලා මුතු ඇටයක නිදි කරවා පෙන කැටියක පා කරලා මගෙ දෝතට පුතු අවා සුදු පටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා වෙරළෙන් කිරිකවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා ඒවයින් හවඩි සදා පුතුගෙ ඉනේ පලදනවා

Song Details

Sinhala Title
මූදු පතුල යට ඉදලා
English Title
muudu pathula yata
සඇ

Artist

සෝමදාස ඇල්විටිගල

View all songs →

මූදු පතුල යට ඉදලා (muudu pathula yata) | Tediya Lyrics