Lyrics
මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මණමාලි වේවා
මතු කල්පයෙහි මගෙ නෙත් හඬා
මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ.....
ඒ මල් නැතිලු මට උරුම වන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
මට පවසන්න රෑ හුදකලාවේ
සුදු කමලා සුගන්දේ දෙවාවේ
මා වෙනුවෙන්ම නූපන්..............
ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
නෙත ඇත තාම කඳුළැල් මහෝගේ...
අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
හිත මෙතරම් අකීකරුද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූයේ
අසරණ වන්න වරමක් නොවේදෝ...
මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මණමාලි වේවා
මතු කල්පයෙහි මගෙ නෙත් හඬා.....//
Song Details
- Sinhala Title
- මා වෙනුවෙන්ම නූපන් කුමාරී
- English Title
- ma wenuwenma nupan
- Artist
- ප්‍රියා සූරියසේන
පස
Artist
ප්‍රියා සූරියසේන
View all songs →