Lyrics
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ
නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා
කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
පද රචනය : ආනන්ද සරත් විමලවීර මහතා
සංගීතය : සී. ටී. ප්‍රනාන්දු මහතා
මුල් ගායනය : සී. ටී. ප්‍රනාන්දු මහතා සමඟ ලතා වල්පොල මහත්මිය.
Song Details
- Sinhala Title
- සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
- English Title
- salalihini kowul hada
- Artist
- සී.ටී. ප්‍රනාන්දු
සප
Artist
සී.ටී. ප්‍රනාන්දු
View all songs →