Lyrics
දුර රටක තනිවෙලා
එහෙ කලක් ගෙවාලා
ආවේ නැව් නැගලා
රට කාසිය සොයලා
ආවේ දහ දුක විඳලා
අම්මව බලන්න කියලා
අද වගේ නෑ එදා
මට මතකයි අම්මා - කෑවද බිවිවද මන්දා
කවුරුත් සොයා බලාලා
නෑ මගෙ දුක සැප අහලා
මට හිටියෙ ඔයා විතරයි අම්මා
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
එහෙ අමතක කරලා
මගෙ රට සැපයි කියාලා
මෙහෙ නවතින්න කියාලා
සහතික මිටිය පෙන්නලා
යන යන තැන දොර වහලා
මට මෙහෙ හරියන් නෑ වගෙ අම්මා
මම යනව වෙන්වෙලා
ආපහු එනවා ඔබ සොයා
ආයේ නැව් නැගලා
අපේම ලොවක් තනාලා
දවසක අපිත් දිනාලා
පෙන්නමු අපි මගෙ අම්මා
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අපිට සල්ලි තියෙනකන්
යාළුවො නම් ඕන තරම්
හැබැයි ඒ සේරම අපිට තියෙනකන්
නැතිබැරිකම ආව ගමන් යාළුවො කෝ දාල ගිහින්
එදාට දැනෙයි කරපු මෝඩකම්
ඒවගෙද මව්පියන්
අතහැර යයිද ඉන්නකන්
ඒ තමා අපට පෙනෙනා දෙවියන්
නැතිදා අතහැර නොයමින්
යලි නැගිටින්නට අත දෙමින්
එයාල ඉඳී අපේ සෙවනැලි විලසින්
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
දුර රටක තනිවෙලා
එහෙ කලක් ගෙවාලා
ආවේ නැව් නැගලා
රට කාසිය සොයලා
ආවෙ දහ දුක විඳලා
අම්මව බලන්න කියලා
අද වගේ නෑ එදා
මට මතකයි අම්මා
කෑවද බිවිවද මන්දා
කවුරුත් සොයා බලාලා
නෑ මගෙ දුක සැප අහලා
මට හිටියෙ ඔයා විතරයි අම්මා
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
අතේ සතේ නැතත් මගේ
පුතේ කියයි අම්ම මගේ
Song Details
- Sinhala Title
- දුර රටක තනිවෙලා
- English Title
- dura rataka thaniwela
- Artist
- රුවන් බණ්ඩාර
රබ
Artist
රුවන් බණ්ඩාර
View all songs →