ඈ නීල වරල පීරලා

aa neela warala

Lyrics

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානෙ මිහිරියාව ගමම එළි කළා පුන්සඳ රැස් කැලුම් හෙළා ඈ සුර දෙව්ලියක් වෙලා කුසුම් නටයි පවන් සල සලා... සුරංගනාවී සුරංගනාවී සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී...// වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා සිසිල් සුළං යාවි පාවෙලා දඟ පුළුලුකුල සල සලා ඈ මඟ යන්නෙ හිනැහිලා නිල් නෙත් යුග මහද මත් කළා හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනහ මුවින් හදක් සැනසුවේ සාමය සතුට රැඳි ලොවේ කුමරිය ඔබ සිතේ මැවේ නොබලා හදවත දුකින් සැළේ... සුරංගනාවී සුරංගනාවී සුපෙම්බරාවී ගම්බද විලාසිතාවී...// ලස්සන මල් කුමාරියේ ගම එළි කළ මනාලියේ ඔබ දුටු මගෙ හද පිනා ගියේ සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ සිරි දෙව්දුව ඔබ ප්‍රියාවියේ පුන්සඳ රන් මනාලියේ සම්පත ඔබ ප්‍රියාවියේ සමන් සුගන්ධය හමා ගියෙර් මගෙ හද බන්දනා ලියේ යනවද මං දමා ලියේ ඔයා ළඟයි මං දයාවියේ ඈ නීල....

Song Details

Sinhala Title
ඈ නීල වරල පීරලා
English Title
aa neela warala
ධඋ

Artist

ධනපාල උඩවත්ත

View all songs →

ඈ නීල වරල පීරලා (aa neela warala) | Tediya Lyrics