Lyrics
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද
ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත
දුක් විදිනා තරම
අපෙ සුන්දර ලෝකය කදුළු බිදක් අද
කදුළු බිදක් හඩන
මගෙ ආදරී..
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවද
සද රහසක් කිව්වා අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි
මගෙ ආදරී..
ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගෙ හදවත වැලපෙයි
එක සිහිනෙක දුටුවා ලස්සන සුර අගනක්
තව දවසක දුටුවා වෛරයෙ ගිණි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඩෙනව රහසේ
මගෙ ආදරී..
දිවි ඇති තෙක් සුවදයි
මල් වගෙ සුවදයි ඔබ තාමත් මගෙමයි
මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද
ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගෙ හදවත
දුක් විදිනා තරම
අපෙ සුන්දර ලෝකය කදුළු බිදක් අද
කදුළු බිදක් හඩන
මගෙ ආදරී..
මගෙ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කළෙ සුවද
Song Details
- Sinhala Title
- මගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද
- English Title
- mage duppath as deka
- Artist
- චාමික සිරිමාන්න
චස
Artist
චාමික සිරිමාන්න
View all songs →