Lyrics
සේද මාවත හැන්දෑවේ
මතක මංපෙත ගංතීරේ
කිසි දිනේ නොසිතූ ලෙසේ හමු උනා..
තුරුණු විය අප සිත් යායේ
රහසෙ බැඳි පෙම තුන් යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලිය උනා..
ඔබේ හද මා සුව වින්දේ
ඔබේ රුව මා ළඟ රැඳුණේ
කුමරියයි ඔබ විජිතයේ සෑමදා..
මුළු ලෝකයම මා පසෙකලා..
සොයා එන්නෙමි ඔබ පතා..
රෑ අහසේ.. මුදු පහසේ..
රහසින් පෑයූ තරුවක් විලසේ..
මා දිවිය අද හැඩ වෙලා..
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඒ ඔබමයි මාගේ
මුළු ලොවම අද සැරසිලා..
සුළඟේ හමනා සුවඳක් ලෙසිනා..
මා ඔබ තුරුලේ වෙලුනා..
සුවඳින් නැහැවුණු පියුමක් සේ මා
විකසිත වී සිත බැඳුණා..
නෙතු දකින තුරා මග බලන නියා..
ඔබ මා වෙතටම පිය මැන්නා..
සිඹින තුරා ළඟ රැඳෙන තුරා..
මා ඔබෙ වීලා සැනසෙන්නා..
රෑ අහසේ.. මුදු පහසේ..
රහසින් පෑයූ තරුවක් විලසේ..
මා දිවිය අද හැඩ වෙලා..
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඒ ඔබමයි මාගේ
මුළු ලොවම අද සැරසිලා..
සේද මාවත හැන්දෑවේ
මතක මංපෙත ගංතීරේ
කිසි දිනේ නොසිතූ ලෙසේ හමු උනා..
තුරුණු විය අප සිත් යායේ
රහසෙ බැඳි පෙම තුන් යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලිය උනා..
මුළු ලෝකයම මා පසෙකලා..
සොයා එන්නෙමි ඔබ පතා..
රෑ අහසේ.. මුදු පහසේ..
රහසින් පෑයූ තරුවක් විලසේ..
මා දිවිය අද හැඩ වෙලා..
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන්නේ ඒ ඔබමයි මාගේ
මුළු ලොවම අද සැරසිලා..//
Song Details
- Sinhala Title
- සේද මාවත හැන්දෑවේ
- English Title
- seda mawathe handawe
- Artist
- හෂානි වාසනා
හව
Artist
හෂානි වාසනා
View all songs →