Lyrics
ගිනි අඟුරු ගොඩේ පිච්චේන රතු අමු මස් සුවදට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
(අපි එළිවෙනකම් බජව් දැම්ම හිතේ ජොලියට)//
ලන්තෑරුම් පත්තුකරන් වෙරළ අද්දර
විඳ ගනිමින් රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර
ලොව පරසිදු වැල්ල මේක කළුවාමෝදර
ගිනි අඟුරු ගොඩේ පිචචෙන...
ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල
දොඩමලු වෙලා සොලවයි ඇගේ බෙලිකටු මල්ල
අද නං නැහැ නවත්තන්නෙ ඇගෙ දැඟලිල්ල
මිහිබට සුර ගනක් කළුවාමෝදර වැල්ල
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන....
කතා කරන විට දී මගේ අතිනුත් අල්ලයි
සමහර විට ඇඟට බරව හාදුම ඉල්ලයි
මේ හුරතල් කෙල්ල මගේ සැනසුම ඉල්ලයි
ඇගේ සැනසුම සතුට කළුවාමෝදර වැල්ලයි
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන ....
Song Details
- Sinhala Title
- ගිනි අඟුරු ගොඩේ පිච්චේන රතු අමු මස් සුවදට
- English Title
- gini aguru gode
- Artist
- සුනිල් පෙරේරා
සප
Artist
සුනිල් පෙරේරා
View all songs →